T20 ලෝක කුසලානයේ දී ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි – ශ්‍රී ලංකාවට ලද මූල්‍ය ප්‍රමාණය මෙන්න

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඉන්දියාවට හිමි කර දෙමින් තරගාවලිය මෙරට වේලාවෙන් ඊයේ(29) රාත්‍රියේ නිමා වුණා.

2007 වසරේ දී ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව පළමු වරට, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමෙන් පසුව පළමු වරටයි ඉන්දියාව මෙලෙස විස්සයි 20 ලෝක ශූරතාවයක් ජය ගත්තේ.

ශූරතාවය දිනා ගත් ඉන්දීය කණ්ඩායමට ශූරතා කුසලානය සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 75 ක පමණක් මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා.

එය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී ශූරතාවය දිනූ රටකට ලබා දුන් ඉහළම මූල්‍ය ත්‍යාගයයි.

අනුශූරතාවය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම හිමි කර ගත් ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක්. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 39 ක පමණ මුදල් ප්‍රමාණයක්.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඩොලර් මිලියන 11.25 ක ත්‍යාග මුදල් ප්‍රමාණයක් කණ්ඩායම් 20 අතරේ බෙදා දී තිබෙනවා. එනම්, රුපියල් කෝටි 343 ක මූල්‍ය ප්‍රමාණයක්.

ත්‍යාග මුදල් බෙදී ගිය අයුරු –

  • ශූරතාවය වෙනුවෙන් ඉන්දියාවට – ඩොලර් මිලියන 2.45 (රුපියල් කෝටි 75 ක්)
  • අනුශූරතාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවට – ඩොලර් මිලියන 1.28 (රුපියල් කෝටි 39 ක්)
  • අවසන් පූර්ව තරග පරාජයට පත් වූ ඇෆ්ඝනිස්තානයට හා එංගලන්තයට – ඩොලර් 787,500 බැගින් (රුපියල් කෝටි 24 ක්)
  • සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් හතරට – ඩොලර් 382,500 බැගින් (රුපියල් කෝටි 11 ක්)
  • 9, 10, 11 හා 12 වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් (ශ්‍රී ලංකාව ඇතුළුව) – ඩොලර් 247,500 බැගින් (රුපියල් කෝටි 7.5 ක්)
  • 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා – ඩොලර් 225,000 බැගින් (රුපියල් කෝටි 6.8 ක්)
  • මීට අමතරව එක් තරග ජයග්‍රහනයක් වෙනුවෙන් ඩොලර් 31,154 ක (රුපියල් ලක්ෂ 95 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් ද ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමුණා. (අවසන් තරගය හා අවසන් පූර්ව වටය හැර)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...