“සමුගන්න මීට වඩා හොඳ කාලයක් නැහැ” : රෝහිත් ෂර්මා

Date:

“මෙය මගේත් අවසන් විස්සයි 20 තරගයයි. මෙම ආකෘතියෙන් සමුගැනීමට මීට වඩා හොඳ කාලයක් නැහැ” ඉන්දීය නායක රෝහිත් ෂර්මා මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එලෙස අදහස් පල කළා.

විරාත් කෝලි විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි ඉන්දීය නායකයා ද ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දීමේ සිය තීරණය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකාව පරදා අවසන් මහා තරගයේ දී ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව මෙරට වේලාවෙන් ඊයේ(29) රාත්‍රියේ සමත් වුණා.

“මම මේ හැම මොහොතකටම ආදරය කළා. මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මේ ආකෘතියෙන්. මට අවශ්‍ය වුණේ මෙයයි, මට කුසලානය දිනා ගැනීමට අවශ්‍ය වුණා.” යනුවෙන් රෝහිත් සදහන් කළා.

“මට මේක දැඩිව අවශ්‍ය වුණා. වචනවලින් කියන්න හරිම අමාරුයි. එය මට ඉතා සංවේදී අවස්ථාවක් වුණා. මම මගේ ජීවිතයේ මෙම කුසලානයට ගොඩක් බලාපොරොත්තු රහිත වෙලා හිටියේ. අපි අවසානයේ මෙම සීමාව පසු කිරීම ගැන සතුටුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...