කඩුලු 5ක ජයකින් මුම්බාය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(11) පැවැති මෙවර තරගාවලියේ 27 වන තරගයෙන් ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ශිකර් දවාන් නොදැවී ලකුණු 69ක් රැස් කළේ පන්දු 52කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක ෂ්රෙයස් අයියර් ලකුණු 42යි.

පන්දු යැවීමේ දී කෘනල් පාන්ඩ්යා ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ක්වෙන්ටන් ඩී කොක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 53 බැගින් ලබා ගත්තා.

පන්දු 36කින් වාර්තා වූ ඩී කොක්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

සූර්යකුමාර් යාදෙව් පන්දු 32කින් ලකුණු 53 රැස් කළ අතර, ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබුණා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...