ඇලේක්ස් හේල්ස් බිග් බෑෂ් ලීගයට

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කළ බවයි සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව මෙවර තරග වාරය වෙනුවෙන් නව ගිවිසුමක් අත්සන් කළ පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

ඇලෙක්ස් හේල්ස්ට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ටොම් බැන්ටන් සහ ටොම් කරන් ද මෙවර තරගාවලියට එක්වන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

වෙනත් කිසිදු විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් තරගාවලියට එක්වන බවට තහවුරු කර නැහැ.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය දෙසැම්බර් 3 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...