සර්වාන් සර්පයෙකු ලෙස හැදින් වූ වරදට ක්‍රිස් ගේල් දඩුවමින් ගැළවෙයි

Date:

ජැමයිකා තලවාස් කණ්ඩායමේ සහය පුහුණුකරු, හිටපු කොදෙව් ක්‍රීඩක රම්නරේෂ් සර්වාන්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ සිද්ධියට අදාළව බටහිර ඉන්දිය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට එරෙහිව දඩුවමක් ලබා නොදීමට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, මේ සම්බන්ධයෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන ලෙසට කළ ඉල්ලීමකට අනුව ක්‍රිස් ගේල් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

පසුගියදා යූ ටියුබ් වෙත වීඩියෝවක් නිකුත් කරමින් ක්‍රිස් ගේල් විසින් රම්නරේෂ් සර්වාන්ව දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔහුව සර්පයෙක්, නපුරෙක්, දුෂ්ඨයෙක් සහ විසක් ලෙස හදුන්වනු ලැබුවා.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 තරග වාරය වෙනුවෙන් ක්‍රිස් ගේල් ජැමයිකා තලවාස් කණ්ඩායමෙන් නිදහස් කිරීම මෙම විවේචනයට හේතු වී තිබුණා.

කෙසේ වෙතත්, තමා එම ප්‍රකාශ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවයි ක්‍රිස් ගේල් සදහන් කළේ.

මීට පෙර තමාගේ නායකත්වයෙන් දෙවරක් සී.පී.එල් ශූරතාවය දිනා ගත් ජැමයිකා කණ්ඩායම වෙනුවෙන්, සිය ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී ම ක්‍රීඩා කර සී.පී.එල් ක්‍රිකට් පිටියට සමු දීමට තමන් අපේක්ෂාවෙන් සිටි බව ඔහු පෙන්වා දෙනවා.

අදාළ ප්‍රකාශය තුළින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට හානියක් සිදු කිරීම තම අභිප්‍රාය නොවූ බවයි ක්‍රිස් ගේල් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...