කොදෙව් ක්‍රීඩකයින් දින 14ක් නීරෝධායනයට

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 30 දෙනෙකු බටහිර ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට තෝරා ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වනදා ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණත්, මේ වන විට එය අවම වශයෙන් ජූලි මාසය දක්වා කල් දමා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

තරගාවලියට එක්වන කොදෙව් ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණීමෙන් පසුව දින 14 ක කාලයක් නීරෝධායන ක්‍රියාවලියකට ද ලක් වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වන අතර, නීරෝධායන කාලය තුළ දී පුහුණුවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සදහා ද කොදෙව් ක්‍රිකට් ආයතනය මේ වන විට දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කරනවා.

ඒ අනුව නවාතැන් ගත හැකි හෝටල් කාමර සහිත ක්‍රීඩාංගනයක අදාළ නීරෝධායන කාල සමය ගත කිරීම සම්බන්ධයෙනුයි මේ වන විට සාකච්ඡා සිදු වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...