Watch : බට්ලර්ගේ අති විශිෂ්ඨ පන්දු රැකීමක් හමුවේ ක්ලාසන් දුවද්දී දැවී ගිය හැටි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් දකුණු අප්‍රිකානු පිතිකරු හෙන්රික් ක්ලාසන් දුවද්දී දවා ගැනීමට එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අද(21) සමත් වුණා.

Gros Islet හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් රැස් කළා.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි ක්ලාසන් දුවද්දී දවා ගැනීමට බට්ලර් සමත් වුණේ. ඒ වන විට ඔහු පන්දු 13 කින් ලබා සිටියේ ලකුණු 9ක් පමණයි.

හෙන්රික් ක්ලාසන්ගේ දුවද්දී දැවී යාම පහතින් නරඹන්න –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...