ඔස්ට්‍රේලියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් ලකුණු 28 ක ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, වර්ෂාව නිසා ඔස්ට්‍රේලියානු ඉනිමේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 11.2 ක් පමණයි.

ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටි අතර, තරගය ජය ගැනීමටනම් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන් ඒ වන විට ලකුණු 73 ක් ලබා සිටිය යුතුව තිබුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් නායක නජ්මුල් හොසේන් ලකුණු 41(36) ක් රැස් කළ අතර, තව්හිද් හ්රිදෝයි ලකුණු 40(28) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඔහු විසින් එම කඩුලු තුන 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී හා 20 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී බිද හෙලමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. ඇඩම් සම්පා ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 53(35) ක්. ඒ හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. ට්‍රැවිස් හෙඩ් ලකුණු 31(21) යි. මිචෙල් මාෂ් එක් ලකුණකට දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ රිෂාද් හොසේන් විසින්. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 14 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...