Watch : පූරාන්ට එරෙහිව පන්දුවාරයකදී ඔමර්සායි ලබා දුන් වාර්තාගත ලකුණු 36 මෙන්න

Date:

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරගයක එක් පන්දුවාරයකදී පන්දු යවන්නෙකු ලබා දුන් සම වැඩිම ලකුණු සංඛ්‍යාව ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි විසින් මෙරට වේලාවෙන් අද(18) පෙරවරුවේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබා දුන්නා.

ඒ, 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ Gros Islet හී දී පැවැති තරගාවලියේ 40 වැනි තරගයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 16.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

කොදෙව් ඉනිමේ සිව්වැනි පන්දුවාර‍යේ දී යි ලකුණු 36 ක් වාර්තා වුණේ. එම පන්දුවාරයට මුහුණ දුන්නේ කොදෙව් පිතිකරු නිකලස් පූරාන්.

ඔමර්සායි යොමු කළ අදාළ පන්දුවාරයට ලකුණු වාර්තා වූයේ පහත සදහන් ආකාරයෙනුයි.

  • 3.1: SIX runs
  • 3.2: (no ball) FOUR runs
  • 3.2: 5 wide
  • 3.2: no run
  • 3.3: 4 leg byes
  • 3.4: FOUR runs
  • 3.5: SIX runs
  • 3.6: SIX runs

මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී ඉන්දියාවේ යුවරාජ් සිං විසින් ස්ටුවට් බ්‍රෝඩ්ට එරෙහිව ද, කොදෙව් දූපත්හි කයිරන් පොලාඩ් විසින් අකිල ධනංජයට එරෙහිව ද, නේපාලයේ Dipendra Singh Airee විසින් කටාරයේ කම්රන් ඛාන්ට එරෙහිව ද, එක් පන්දුවාරයකදී හයේ පහර 6 බැගින් එල්ල කරමින් ලකුණු 36 ක් වාර්තා කර තිබුණා.

ඊට අමතරව රෝහිත් ෂර්මා හා රින්කු සිං විසින් ඇෆ්ඝනිස්තානයේ කරීම් ජනත්ට එරෙහිව මුහුණ දුන් පන්දුවාරයකදී (නිපන්දුවක් ද සහිතව) ද ලකුණු 36 ක් වාර්තා වී තිබුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...