Watch : ඔමර්සායිගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ පූරාන් 98 කට දැවී ගිය හැටි

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය හෙවත් මූලික වටයේ අවසන් තරගයේ දී විශිෂ්ඨ පන්දු රැකීමක් සිදු කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් ලකුණු 98 කට දවා ගැනීමට ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි සමත් වුණා.

Gros Islet හී දී මෙරට වේලාවෙන් අද(18) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පූරාන් ලකුණු 98 ක් ලබා ගත්තේ පන්දු 53 කින්. හයේ පහර 8ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අස්මතුල්ලාහ් ඔමර්සායි හතරේ සීමාව ආසන්නයේ සිට කෙළින්ම පන්දුව කඩුල්ලට විසි කරමින් දැක් වූ සුපිරි පන්දු රැකීමක් හේතුවෙනුයි පූරාන්ට අවාසනාවත්ත ලෙස දුවද්දී දැවී යාමට සිදු වුණේ.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...