Watch : මැතිව්ස්ගේ හයේ පහරක් නැවතූ නෙදර්ලන්ත ක්‍රීඩකයාගේ සුපිරි පන්දු රැකීම

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයේ දී ඇදහීමට පවා නොහැකි අති විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් හයේ පහරක් වළක්වා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක Sybrand Engelbrecht මෙරට වේලාවෙන් අද(17) පෙරවරුවේ සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව Gros Islet හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින්.

ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව හයේ සීමාව ඉක්මවා යාම වළක්වා ගැනීම සදහායි Sybrand Engelbrecht විසින් සුපිරි පන්දු රැකීමක නිරත වුණේ.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...