අයර්ලන්තයේ ප්‍රබල සටන පසෙකලා බාබර් හා අබ්බාස් පාකිස්තානයට ජය ගෙනෙයි

Date:

අයර්ලන්ත පන්දු යවන්නන්ගේ ප්‍රබල සටන පසෙකළා 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම මෙරට වේලාවෙන් අද(16) රාත්‍රියේ සමත් වුණා.

A කාණ්ඩයේ අවසන් තරගය ලෙස ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 106 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවන් වූ සයීම් අයුබ් හා මොහමඩ් රිස්වාන් ලකුණු 17 බැගින් ලබා ගත්තා. අනතුරුව ෆකාර් සමාන් ලකුණු 5කටත්, උස්මාන් ඛාන් ලකුණු දෙකකටත්, ශඩාබ් ඛාන් ලකුණු බින්දුවකටත්, ඉමාඩ් වසීම් ලකුණු 4කටත් දවා ගනිමින් අයර්ලන්තය යළි සටනට අවතීර්ණ වුණා.

පාකිස්තාන ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 62 දී දැවී යාමෙන් පසුව 7 වැනි කඩුල්ල සදහා බාබර් අසාම් හා අබ්බාස් අෆ්රිඩි ලකුණු 33 (40) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් පාකිස්තානයට යළි ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

අබ්බාස් ලකුණු 17 කට දැවී ගිය අතර, බාබර් නොදැවී ලකුණු 32(34) ක් රැස් කළා. ශහීන් අෆ්රිඩි හයේ පහර 2ක් සමග පන්දු 5 කින් ලකුණු 13 ක් නොදැවී රැස් කරමින් පාකිස්තානයට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී බැරී මැකාර්ති ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කර්ටිස් කැම්පර් ලකුණු 24 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක තරගයේ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශහීන් ශහ් අෆ්රිඩි සමත් වුණා. අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 32 ක් තුළ බිද වැටුණු පසුබිමක Gareth Delany ලකුණු 31(19) ක්, Josh Little නොදැවී ලකුණු 22 ක් හා Mark Adair ලකුණු 15 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලකුණු 100 සීමාව ඉක්මවා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී අෆ්රිඩි ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඉමාඩ් වසීම් ලකුණු 8කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා. මොහමඩ් අමීර් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තා.

[team_standings 59912]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...