කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව පළමු තරගය ජය ගනියි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(15) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 47.1 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 195 ක් පමණයි.

නායිකා Hayley Matthews ලකුණු 38 ක්, Stafanie Taylor ලකුණු 33 ක් හා Shemaine Campbelle ලකුණු 27 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 3 ක් ද, කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්න සමත් වුණා. චමරි ලකුණු 38 (36) කටත්, විශ්මි ලකුණු 40 (51) කටත් දැවී ගියා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 44 (53) ක් ලබා ගත් අතර, හසිනි පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43 (59) ක්.

පන්දු යැවීමේ දී Afy Fletcher හා Aaliyah Alleyne කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...