දකුණු අප්‍රිකාව පරදා පෙරළිකාර ජයකට නේපාලයට තිබූ අනගි අවස්ථාවක් අවසන් පන්දුවේදී ගිලිහී යයි

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරදා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට තිබූ අනගි අවස්ථාවක් නේපාල කණ්ඩායමෙන් මෙරට වේලාවෙන් අද(15) පෙරවරුවේ ගිලිහී ගියා.

Kingstown හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නේපාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 115 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජය ගැනීමට නේපාලයට ලකුණු 8ක් පමණක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දු දෙකේදී ජයග්‍රහනය සදහා ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු දෙකක් පමණයි. කෙසේ වෙතත්, 5 වැනි පන්දුව නිලකුණු පන්දුවක් වූ බැවින් අවසන් පන්දුවට නේපාලයට ජයග්‍රහනය සදහා ලකුණු දෙකක් අවශ්‍ය වුණා. ලකුණු සම කර ගනිමින් සුපිරි පන්දුවාරයකට තරගය රැගෙන යාමට ඔවුන්ට අවශ්‍ය වූයේ එක් ලකුණක් පමණයි.

නමුත්, අවසන් පන්දුවේදී Gulsan Jha අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම හේතුවෙන් දකුණු අප්‍රිකාවට මෙම තරයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි වුණා. (දර්ශන පහතින්)

අවසන් පන්දු 30 තුළ දී ජයග්‍රහනය සදහා ලකුණු 25 ක් පමණක් ලබා ගැනීමට නේපාලයට අවශ්‍යව තිබූ පසුබිමකයි දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් යළි සටනට අවතීර්ණ වෙමින් මූලික වටය අපරාජිතව අවසන් කිරීමට සිය කණ්ඩායමට මෙම තරගයෙන් තියුණු ජයක් හිමි කර දුන්නේ.

නේපාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු Aasif Sheikh ලකුණු 42 ක් රැස් කළ අතර, Anil Sah ලකුණු 27 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අන්රික් නොකියා හා ඒඩ්න් මාක්‍රම් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රීසා හෙන්ඩ්‍රික්ස්. ඔහු ලකුණු 43 (49) ක් ලබා ගත් අතර, ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 18 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27 ක්.

පන්දුවාර 11 ක් අවසන් වන විට දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටි පසුබිමක ඔවුන්ගේ මැදපෙල කඩුලු අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවා ගැනීමට නේපාල පන්දු යවන්නන් සමත් වීමත් සමගයි දකුණු අප්‍රිකාවට ලකුණු 120 සීමාව හෝ පසු කර යාමට නොහැකි වූයේ.

පන්දු යැවීමේ දී Kushal Bhurtel ලකුණු 19 කට කඩුලු 4 ක් හා Dipendra Singh Airee ලකුණු 21 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ අවසන් පන්දුවාරයේ දර්ශන –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...