30 වැනි තරගය වැස්සට සේදී යද්දී ඇමෙරිකාව සුපිරි අටට – පාකිස්තානය තරගාවලියෙන් ඉවතට

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, ඇමෙරිකාව හා අයර්ලන්තය අතර ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී අද පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 30 වැනි තරගය වර්ෂාව සහ ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට විනිසුරුවන් කටයුතු කිරීමත් සමගයි.

ඒ අනුව A කාණ්ඩයෙන් තරගාවලියේ සුපිරි 8 වටයට ඉන්දියාව සමග ඇමෙරිකාව සුදුසුකම් ලැබූ අතර, පාකිස්තානයට, අයර්ලන්තයට හා කැනඩාවට එම අවස්ථාව අහිමි වී ගියා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මේ වන විට B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ද, C කාණ්ඩයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඇෆ්ඝනිස්තානය ද, D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව ද තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

B කාණ්ඩයෙන් එංගලන්තය හෝ ස්කොට්ලන්තය ද, D කාණ්ඩයෙන් බංග්ලාදේශය හෝ නෙදර්ලන්තය හෝ නේපාලය ද සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

[team_standings 59912]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...