ස්කොට්ලන්ත බලාපොරොත්තු අවධානමේ – එංගලන්තය ලැබූ සුපිරි ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් ඕමානය පරදා එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) අලුයම ලැබූ කඩුලු අටක විශිෂ්ඨ ජයත් සමග සුපිරි අට වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ ස්කොට්ලන්තයේ බලාපොරොත්තු මේ වන විට යම් අවධානමකට ලක්ව තිබෙනවා.

Antigua හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 13.2 ක් තුළ ලකුණු 47 කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දු 19 ක් පමණක් වැය කරමින් කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මාර්ක් වුඩ් හා ජොෆ්ර ආචර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. පිතිකරණයේ දී එංගලන්තය වෙනුවෙන් නායක ජොස් බට්ලර් පන්දු 8 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 ක්. පිල් සෝල්ට් පන්දු 3 කින් ලකුණු 12 ක් ලබා සිටියදී දැවී ගියා.

මේ වන විට ඔස්ට්‍රේලියාව B කාණ්ඩයෙන් සුපිරි අට වටයට සුදුසුකම් ලබා ඇති අතර, දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට එංගලන්තය හා ස්කොට්ලන්තය අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.

එංගලන්තය හා ස්කොට්ලන්තය මේ වන විට තරග 3 බැගින් ක්‍රීඩා කර ඇති අතර, ස්කොට්ලන්තයට ප්‍රසාද ලකුණු 5 ක් ද, එංගලන්තයට ප්‍රසාද ලකුණු 3 ක් ද හිමියි.

මූලික වටය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන අවසන් තරගය නැමීබියාවට එරෙහිව පැවැත්වෙන බැවින් ඔවුන් එම තරගය බොහෝ දුරට ජය ගනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. එසේ වුවහොත් එංගලන්තයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ද 5 ක් දක්වා ඉහළ යනවා.

ඕමානය පරදා එංගලන්තය ලැබූ සුපිරි ජය හේතුවෙන් මේ වන විට එංගලන්තයේ (3.081) ශුද්ධ ලකුණු වේගය ස්කොට්ලන්තයේ (2.164) ශුද්ධ ලකුණු වේගය අභිබවා ගොස් තිබෙනවා. එංගලන්තය මීළග තරගය ජය ගතහොත් ඔවුන්ගේ ශුද්ධ ලකුණු ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති.

ඒ අනුව ස්කොට්ලන්තය මීළග තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුවහොත්, ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 5 ක් ලෙස සම තත්ත්වයට පත්වන අතර (එංගලන්තය ද මීළග තරගය ජය ගනු ඇතැයි උපකල්පනය කළහොත්), ශුද්ධ ලකුණු වේගය අනුව එංගලන්තය ඉදිරියෙන් පසුවන බැවින් ස්කොට්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.

ඒ හේතුවෙන් පවතින තත්ත්වය අනුව ස්කොට්ලන්තයට සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් මීළග තරගයේ දී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කිරීම අනිවාර්යය වී තිබෙනවා. එසේ නොමැති නම් එම තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම හෝ සිදු විය යුතුයි.

[team_standings 59913]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...