ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට විසි වෙයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(13) සිදු වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය ප්‍රතිපලයක් සහිතව අවසන් වීමට නියමිතව තිබීමත් සමගයි.

මෙම පුවත පල කරන අවස්ථාව වන විට නෙදර්ලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගාවලියේ 27 වැනි තරගයේ දෙවනුවට පන්දුවට පහර දෙන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 5 ක් ක්‍රීඩා කර අවසන්ව තිබෙනවා.

ඒ අනුව තරගයට වර්ෂාවෙන් ඉදිරියේ දී බාධාවක් එල්ල වුව ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ මෙම තරගයේ ජයග්‍රහනය යම් කණ්ඩායමක් වෙත හිමි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් බංග්ලාදේශ – නෙදර්ලන්ත තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වීම අනිවාර්යය වී තිබුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබා ගනිමින්.

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් සුළු බාධාවීමක් සිදු වූ අතර, කාසියේ වාසිය උරගා බැලීම ද ඒ හේතුවෙන් ප්‍රමාද වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...