Watch : ලෝක කුසලානයේ සුපිරිම පන්දුව මෝතිගෙන් මිචෙල්ට

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක ගුඩකේෂ් මෝති මෙරට වේලාවෙන් අද(13) පෙරවරුවේ සමත් වුණා.

මෙම තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 13 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ සිව්වැනි රට බවට පත් වීමට ද සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් අල්සාරි ජෝසප් ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ගුඩකේෂ් මෝති ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි ඩැරල් මිචෙල් ලකුණු 12 ක් ලබා සිටියදී ගුඩකේෂ් මෝති යොමු කළ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...