අජීවී පන්දුවක් ප්‍රකාශ නොකළාට උරණ වූ මැතිව් වේඩ්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ්ට නිල අනතුරු ඇගවීමක් සමග එක් දඩුවම් ලකුණක් ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගියදා එංගලන්තය සමග පැවැති තරගයේ දී ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

එනම්, “ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුගේ තීරණයකට විරුද්ධව අදහස් දැක්වීම.” යන වගන්තිය ඔහු විසින් උල්ලංඝනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 18 වැනි පන්දුවාරය අඩිල් රෂීඩ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවට අවසන් මොහොතේ දී පහරක් එල්ල නොකර කඩුල්ල අසලින් ඉවත් වීමට මැතිව් වේඩ් කටයුතු කළා.

කෙසේ වෙතත්, තමන් දෙසට ඇදී ආ පන්දුව පිත්තෙන් නතර කිරීමට වේඩ් කටයුතු කළ අතර, ඒ අනුව එම පන්දුව නිලකුණු පන්දුවක් බවට පත් වුණා.

නමුත්, එම පන්දුව අජීවී පන්දුවක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් කෝපයට පත් වූ මැතිව් වේඩ් ඒ සම්බන්ධයෙන් විනිසුරු Nitin Menon සමග වචන හුවමාරුවක නිරත වනු දක්නට ලැබුණා.

එම සිද්ධියට අදාළ වීඩියෝවක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...