“අපි විශ්වාස කරනවා අපි හෙට දිනනවා කියලා” නේපාල නායකයාගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට වේලාවෙන් හෙට(12) පෙරවරුවේ දී (පෙරවරු 5:00ට) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීමට සිය කණ්ඩායමට හැකි වනු ඇති බවට නේපාල කණ්ඩායමේ නායක Rohit Paudel විශ්වාසය පල කරනවා.

මෙම තරගය නේපාලය මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන දෙවැනි තරගය වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගයයි. පළමු තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ බැවින් තරගාවලියේ තවදුරටත් රැදී සිටීම පිළිබද යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය අනිවාර්යය වනවා.

ඒ අනුව පීඩනයක් සහිතව හෙට තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට නේපාලයට හැකි වේවිද? “ඔව්, අනිවාර්යයෙන්ම” යනුවෙන් එම පැනයට පිළිතුරු දෙමින් නේපාල නායකයා සදහන් කළා.

“ඔබ බැලුවොත් මේ ලෝක කුසලානය දිහා ඔබට පේනවා ටෙස්ට් වරම් දිනා නැති රටවල් ටෙස්ට් රටවල් පරාජයට පත් කරනවා. ඉතිං විශේෂයෙන්ම හෙට තරගයට යන්න අපි හැමෝටම ඒක දිරි ගැන්වීමක් ලබා දෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට අපි විශ්වාස කරනවා අපි හෙට දිනනවා කියලා.”

“පහුගිය මාස දෙකේ අපි සූදානම් ​​වුණු විදිහ සහ පසුගිය අවුරුදු එකහමාරේ දී අපි ක්‍රිකට් ක්‍රීඩා කළ විදිහ අනුව මම හිතන්නේ කණ්ඩායම තුළ විශ්වාසය සැමවිටම පවතිනවා. අපි හෙට තරඟය ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා.”

“අපිට හෙට ගිහින් අපේ දක්ෂතා ලෝකය ඉදිරියේ පෙන්වන්න අවශ්‍යයි”

“අපි තණතීරු තත්ත්වයන්ට ගරු කරමින් අපේ දක්ෂතා ඉදිරිපත් කළොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. කණ්ඩායම එය විශ්වාස කරනවා. හෙට දවස ගැන අපිට ගොඩක් විශ්වාසයි.”

© ICC/Getty Images

මේ අතර, නේපාල කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මූලික වටයේ දී නේපාලය ක්‍රීඩා කරන අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, ඇමෙරිකාවට පැමිණීමට ඔහුට අවශ්‍ය වීසා ලබා දීම අවස්ථා දෙකකදීම ප්‍රතික්ෂේප කෙරුණු බැවින් ඔහුට හෙට Florida හි Lauderhill හී දී පැවැත්වීමට නියමිත තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා තරගය සදහා ද නේපාල කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ සංචිතයේ ක්‍රීඩකයින් 14 දෙනෙකු පමණක් රැදී සිටින පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...