ක්‍රිස් ගේල් රෝහල් ගත කෙරේ

Date:

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් රෝහල් ගත කර තිබෙනවා.

ඒ බව ඔහු විසින්ම සමාජ මාධ්‍ය වෙත ඡායාරූපයක් සහ සටහනක් තබමින් තහවුරු කර සිටියා.

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ කිසිදු තරගයකට ක්‍රීඩා නොකළ ක්‍රිස් ගේල් නිමා වූ තරග කිහිපයේ දී ම අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ඇතුළත් වනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වුණා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට ඉතා අසාර්ථක කණ්ඩායමක් බවට පත්ව සිටීම ද පදනම් කර ගනිමින්.

කෙසේ වෙතත්, පසුගිය තරග කිහිපය සදහාම ඔහු ක්‍රීඩා නොකළ අතර, ඊට හේතු වී ඇත්තේ ඔහු ආහාර විෂ වීමක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසුවීම නිසායි.

ඒ හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...