ඉසුරු චහෙල්ට දුන් අපූරු දඩුවම

Date:

ඉන්දීය සහ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහෙල් යනු විනෝදජනක ලෙස කණ්ඩායම තුළ හැසිරෙන ක්‍රීඩකයෙක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්.

තරග අතරතුර දී ක්‍රීඩාංගනයේ දී පමණක් නොව ක්‍රීඩාගාරයේ දී, ක්‍රීඩාංගනයෙන් පිටත දී ද ඔහු එලෙස විනෝදජනක ලෙස හැසිරෙන අවස්ථා නිරතුරුවම අප දැක තිබෙනවා.

ඊයේ(10) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් අනතුරුව ද යුස්වේන්ද්‍ර චහෙල් එලෙස හැසිරෙනු දක්නට ලැබුණා.

විශේෂයෙන් පුහුණුකරු සයිමන් කැටිච් තරගය සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටි අවස්ථාවක ඔහු මෙලෙස පුහුණුකරු පිටුපස සිට විනෝදජනක ලෙස හැසිරෙමින් සිටියා.

කෙසේ වෙතත්, විශේෂත්වය වූයේ එම සිද්ධියෙන් අනතුරුව යුස්වේන්ද්‍ර චහෙල් අදාළ තරගය පිළිබද අදහස් දක්වමින් සිටියදී ඉසුරු උදාන විසින් ද එවැනිම ආකාරයේ විනෝදජනක ක්‍රියාවක් ඔහුට සිදු කිරීමටයි.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න – (Video Source : RCB)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...