ශ්‍රී ලංකාව උගත් පාඩම් හමුවේ පාකිස්තානය ප්‍රබල තීරණයක් ගනියි

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර නවාතැන් ගැනීමට නියමිතව තිබූ හෝටලය මාරු කරමින් වෙනත් හෝටලයක නවාතැන් ගැනීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉදිරියේ දී නිව් යෝර්ක්හි Nassau County ක්‍රීඩාංගනයේ දී පාකිස්තාන කණ්ඩායම තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් පළමු තරගය ඉන්දියාවට එරෙහිව එළඹෙන 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ ජය පාකිස්තානයට මේ වන විට ඉතා වැදගත් වී ඇත්තේ ඔවුන් ඊයේ(6) දිනයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබීම හේතුවෙන්.

පාකිස්තාන කණ්ඩායම මීට පෙර නිව් යෝර්ක් නුවර නවාතැන් ගැනීමට නියමිතව තිබුණේ ක්‍රීඩාංගනයේ සිට පැය එකහමාරක පමණ දුරකින් පිහිටා ඇති හෝටලයකයි.

කෙසේ වෙතත්, මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ ක්‍රීඩාංගනයේ සිට මිනිත්තු 10 ක පමණ දුරින් පිහිටි හෝටලයක සිය කණ්ඩායමට  නවාතැන් ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දීමටයි.

ඉන්දීය කණ්ඩායම ද ක්‍රීඩාංගනයේ සිට මිනිත්තු 10 ක පමණ දුරකින් පිහිටි හෝටලයක රැදී සිටින අතර, ඔවුන් පුහුණු තරගය මෙන්ම මූලික වටයේ පළමු තරගය නිව් යෝර්ක් හි Nassau County ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කළා. මූලික වටයේ ඉතිරි තරග තුනෙන් මිළග තරග දෙකම ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ද එම ක්‍රීඩාංගනයේදීමයි.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරගාවලියක හෝටල් වෙන් කිරීමේ කටයුතු ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සත්කාරක ක්‍රිකට් ආයතනය සමග එක්ව සිදු කරනු ලබනවා.

නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට නිව් යෝර්ක් හී දී ක්‍රීඩාංගනයේ සිට මිනිත්තු 90 ක පමණ දුරකින් පිහිටා ඇති හෝටලයක නවාතැන් ගැනීමට සිදු වීමත්, ඒ ඔස්සේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතාත් හේතුවෙන් හෝටල් සම්බන්ධ ගැටලුව පිළිබද බොහෝ පාර්ශවවල අවධානය යොමු වුණා.

ගමන් මහන්සිය හේතුවෙන් ශ්‍රී ලංකාවට එක් පුහුණු සැසියක් ද අවලංගු කිරීමට සිදු වූ බව සදහන්. අනතුරුව දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හයක පරාජයක් ද අත්වුණා.

ශ්‍රී ලංකාවේ කාලසටහන “අසාධාරණ” බව මහීෂ් තීක්ෂණ විසින් ද මීට පෙර සදහන් කළ අතර, කණ්ඩායමේ කලමනාකරු මහින්ද හලංගොඩ සදහන් කළේ සිය කණ්ඩායම මුහුණ දෙන ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් නිල පැමිණිලි කිරීමක් ද සිදු කළ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...