ස්කොට්ලන්ත ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය මෙරට වේලාවෙන් අද(7) අලුයම නිමා වුණේ නැමීබියාව පරදා ස්කොට්ලන්තයට කඩුලු පහක ජයක් හිමි කර දෙමින්.

බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව කඩුලු 9ක් දැවී ලකුණු 155 ක් රැස් කළා.

නායක Gerhard Erasmus පන්දු 31 කින් ලකුණු 52 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. පන්දු යැවීමේ දී Brad Wheal ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය ඉනිම නිමා වීමට පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Richie Berrington නොදැවී ලකුණූ 47(35) ක් රැස් කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. පන්දු යැවීමේ දී Gerhard Erasmus ලකුණු 29 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

[team_standings 59913]

[team_standings 59912]

[team_standings 59914]

[team_standings 59915]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...