අයි.සී.සීය නිවේදනයක් නිකුත් කරමින් වරද පිළිගනියි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පැවැති තරග දෙක සදහා භාවිතා කර ඇති තණතීරු දෙක ප්‍රමිතියෙන් තොර බව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව පවතින ගැටලු සහගත තත්ත්වයට පිළියමක් යෙදීම සදහා කටයුතු කරමින් සිටින බවයි අයි.සී.සීය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

“ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්ත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරඟ සඳහා හොඳ තණතීරු ලබා දීමට කටයුතු කරමින් සිටී.” යනුවෙන් අයි.සී.සීය සදහන් කළා.

නිව් යෝර්ක් ක්‍රීඩාංගනය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මාස පහක පමණ කාලයක් තුළදී නිර්මාණය කෙරුණු අතර, ඊට අවශ්‍ය තණතීරු ඔස්ට්‍රේලියාවේ සිට රැගෙන එනු ලැබුවා.

කෙසේ ‍වෙතත්, මෙතෙක් එම ක්‍රීඩාංගනයේ පැවැති තරග දෙක වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයටත්, ඉන්දු-අයර්ලන්ත තරගයටත් යොදා ගැණුනු තණතීරු සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්ව ඇත්තේ එම තණතීරු පිතිකරණය සදහා කිසිසේත් යෝග්‍ය නොවීම හේතුවෙන්.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය මෙම ක්‍රීඩාංගනයේ තණතීරු අංක එකේ පැවැති අතර, එම තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 77 කට දැවී ගියා. දකුණු අප්‍රිකාව එම ඉලක්කය පසු කර ගියේ ද 17 වැනි පන්දුවාරයේ දී යි.

ඉන්දියාව හා අයර්ලන්තය අතර තරගය තණතීරු අංක හතරෙහි පැවැති අතර, එම තරගයේ දී අයර්ලන්තය ලකුණු 96 කට දැවී ගියා. එම තරගයෙන් ඉන්දියාව කඩුලු අටක ජයක් වාර්තා කළ නමුත්, පිතිකරුවන් කිහිප දෙනෙකුගේම ශරීරවල පන්දු යවන්නන් යොමු කළ පන්දු ගැටීමෙන් සුළු අනතුරු වනු දක්නට ලැබුණා.

ඒ අනුව මෙම තණතීරු පන්දු යවන්නන්ට වැඩි වාසි ලබා දෙනවාට අමතරව පිතිකරුවන් පිතිකරණයේ නිරත වීම ද අවධානම් තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

ක්‍රීඩාංගනයේ තණතීරු අංක 2 හා 3 මෙතෙක් තරග සදහා යොදා ගෙන නොමැති අතර, මෙම ක්‍රීඩාංගනයේ දී මූලික වටයේ තවත් තරග හයක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...