Watch : දැවී යාමෙන් පසුව වැරදීමක් නිසා වෝනර්ට සිදු වූ අකරතැබ්බය

Date:

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙරට වේලාවෙන් අද(6) පෙරවරුවේ ඕමානය සමග පැවැති තරගයේ දී සුළු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරය වෙනුවට වැරදීමකින් ඕමාන කණ්ඩායමේ ක්‍රීඩක විවේකාගාරය දෙසට ගමන් කිරීම හේතුවෙන්.

තරගාවලියේ 10 වැනි තරගය වූ මෙම තරගය බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එම තරගයෙන් ඕමානය පරදා ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඕමානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් වෝනර් ලකුණු 56 ක් රැස් කළේ පන්දු 51 කින්. ඔහු දැවී යාමෙන් පසුවයි වැරදීමකින් ඩේවිඩ් වෝනර් මෙලෙස ඕමානයේ ක්‍රීඩක විවේකාගාරය වෙත ගමන් කළේ.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...