පාකිස්තානයට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

චමූ චිබාබාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා Blessing Muzarabani නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු 2018 වසරේ දී තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමෙන් අනතුරුව යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු අවස්ථාව එළඹෙන පාකිස්තාන සංචාරය වනු ඇති.

මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

ලබන 19 වනදා ඔවුන් පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, ඊට පෙර සිම්බාබ්වේ ක්‍රීඩකයින් හෙට(12) හරාරේ හී දී බාහිර සමාජයෙන් වෙන් වී ජෛව ආරක්ෂිත පරිසරයකට එක් වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.

ZIM Squad:

Chamu Chibhabha (c), Faraz Akram, Ryan Burl, Brian Chari, Tendai Chatara, Elton Chigumbura, Tendai Chisoro, Craig Ervine, Tinashe Kamunhukamwe, Wessly Madhevere, Wellington Masakadza, Carl Mumba, Richmond Mutumbami, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Brendan Taylor, Donald Tiripano, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...