පැපුවා නිව් ගිනියාවේ සටන අපතේ යයි – කොදෙව්වන්ගෙන් ලෝක කුසලානයට ජයග්‍රාහී ආරම්භයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පැපුවා නිව් ගිනියාව පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(2) සමත් වුණා.

කොදෙව් දූපත්හි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 136 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට පැපුවා නිව් ගිනියා පන්දු යවන්නන් සමත් වූ නමුත්, කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

රොස්ටන් චේස් පන්දු 27 කින් නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 34(29) යි. ජොන්සන් චාර්ල්ස් පළමු පන්දුවෙන්ම දැවී ගියා. නිකලස් පූරාන් ලකුණු 27 ක් ලබා ගත් අතර, නායක රොව්මන් පවෙල් ලකුණු 15 කට දැවී ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු දෙකයි. අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 15(9) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Assad Vala ලකුණු 28 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියා පිල වෙනුවෙන් Sese Bau පන්දු 43 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 50 ක්.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 19 කට කඩුලු 2 ක් හා අල්සාරි ජෝසප් ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 59914]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...