දිනේෂ් කාර්තික් ක්‍රිකට් පිටියට සමු දීම නිල වශයෙන් නිවේදනය කරයි

Date:

ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන දිනේෂ් කාර්තික් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් අද(1) නිවේදනය කළා.

ඔහුගේ 39 වන උපන් දිනය අද දිනයට යෙදී ඇති අතර, සිය සමාජ මාධ්‍ය පිටු වෙත සටහනක් එක් කරමිනුයි කාර්තික් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේ.

ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී යි.

2004 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමි කර ගත් ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 24 ක්, එක්දින තරග 94 ක් හා විස්සයි 20 තරග 60 ක් ක්‍රීඩා කර තිබෙනවා.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය දිනේෂ් කාර්තික් ක්‍රීඩා කළ අවසන් තරගය ලෙස ඉතිහාසගත වනු ඇති. එම තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතර, එහිදී ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 11(13) ක් රැස් කළා.

අයි.පී.එල් තරග පිටියේ දී ඔහු කණ්ඩායම් හයක් නියෝජනය කර ඇති අතර, එහිදී තරග 257 කදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4842 ක්. අර්ධ ශතක 22 ක් ඔහුගේ අයි.පී.එල් ක්‍රීඩා දිවියට ඇතුළත්.

කඩුලු රකින්නෙකු ලෙස කාර්තික් අයි.පී.එල් තරගාවලියේ දී දවා ගැනීම් 174 කට දායකත්වය ලබා දී ඇති අතර, ඊට ස්ටප්ම් කිරීම් 37 ක් ද ඇතුළත්. ඔහු එම වාර්තාව අතින් දෙවැනි වන්නේ මහේන්ද්‍ර සිං දෝනිට පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...