T20 World Cup Warm-up Matches – අයර්ලන්තයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 164 ක ඉලක්කයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් පුහුණු තරගය මෙරට වේලාවෙන් අද(31) රාත්‍රී අටට ඇමෙරිකාවේ Florida හි Lauderhill හී දී අයර්ලන්තයට එරෙහිව ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 163 ක්.

ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 13(පන්දු 8) ක් හා පැතුම් නිස්සංක ලකුණු 22(15) ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා.

සධීර සමරවික්‍රම රැස් කළ ලකුණු සංඛ්‍යාව 13(11) ක්. චරිත් අසලංක පන්දු 13 කින් ලකුණු 6ක් ලබා ගත් අතර, නායක වනිදු හසරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26(21) ක්.

දසුන් ශානක පන්දු 15 කින් ලකුණු 23 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 9(4) යි. ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 30 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 32 ක්. හයේ පහර 2ක් හා හතරේ පහරක් මැතිව්ස්ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් හා බැරී මැකාර්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...