T20 World Cup Warm-Up Matches : අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 41 ක ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි හා අවසන් පුහුණු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(31) සමත් වුණා.

ඇමෙරිකාවේ Florida හි Lauderhill හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 163 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

පෝල් ස්ටර්ලින්ග් ලකුණු 21 කටත්, ඇන්ඩි බැල්බර්නි ලකුණු 16 කටත් දැවී ගියා. ලෝකන් ටකර් ලකුණු 11 යි. හැරී ටෙක්ටර් දැවී ගියේ ලකුණු 13 ක් ලබා සිටියදීයි.

කර්ටිස් කැම්පර් පන්දු 26 කින් ලකුණු 26 ක් ලබා ගත්තා. ජෝර්ජ් ඩොක්‍රෙල් ලකුණු 17 කටත්, ගැරෙත් ඩිලේනි ලකුණු 4කටත්, මාර්ක් අඩයර් එක් ලකුණකටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී දසුන් ශානක පන්දුවාර 3.2 ක් යොමු කරමින් ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙලුවා. වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 40 කට කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ පන්දුවාර 4 ක් යොමු කර කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 14 ක් පමණක් ලබා දෙමින්. දුෂ්මන්ත චමීර ලකුණු 19 කට එක් කඩුල්ලක් ද, මතීෂ පතිරණ ලකුණු 13 කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 13(පන්දු 8) ක් හා පැතුම් නිස්සංක ලකුණු 22(15) ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා.

සධීර සමරවික්‍රම රැස් කළ ලකුණු සංඛ්‍යාව 13(11) ක්. චරිත් අසලංක පන්දු 13 කින් ලකුණු 6ක් ලබා ගත් අතර, නායක වනිදු හසරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26(21) ක්.

දසුන් ශානක පන්දු 15 කින් ලකුණු 23 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 9(4) යි. ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 30 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 32 ක්. හයේ පහර 2ක් හා හතරේ පහරක් මැතිව්ස්ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් හා බැරී මැකාර්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...