හේසල්වුඩ්ගේ හා වෝනර්ගේ දක්ෂතා හමුවේ ක්‍රීඩකයින් 9 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියාව ජය ගනියි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග යටතේ තමන් ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් නැමීබියාව පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය සදහා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණක් ක්‍රීඩා කළ බැවින්, පන්දු රැකීමේ කටයුතු සදහා ප්‍රධාන පුහුණුකරු Andrew McDonald, සහාය පුහුණුකරුවන් වන Brad Hodge හා Andre Borovec මෙන්ම තේරීම් කමිටු නිළධාරී George Bailey ගේ සහාය ලබා ගැනීමට ද ඔස්ට්‍රේලියාවට සිදු වුණා.

ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණයි.

Zane Green ලකුණු 38(30) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් සිය පන්දුවාර 4 තුළ නිලකුණු පන්දුවාර 3ක් ද සමගින් ලකුණු 5කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා. ඇඩම් සම්පා කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 25 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩේවිඩ් වෝනර් පන්දු 21 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් සමගින්. ටිම් ඩේවිඩ් ලකුණු 23(16) ක් හා නායක මිචෙල් මාෂ් ලකුණු 18(14) ක් රැස් කළා. පන්දු යැවීමේ දී Bernard Scholtz ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

මේ අතර, පුහුණු තරග යටතේ ඇමෙරිකාවේ Dallas හී දී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – ඇමෙරිකා එක්සත් ජනපද තරගය ගිගුරුම් සහිත අධික වැසි හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වුණා.

තද වැසි සහ ජල ගැලීම් අනතුරු ඇඟවීම් හමුවේ කණ්ඩායම් දෙකම ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලය තුළම රැදී සිට ඇති බව සදහන්.

අධික වැසි හේතුවෙන් ක්‍රීඩාංගනයට ද යම් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...