T20 World Cup : පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව තමන් ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලකුණු 20 ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(28) සිදු වුණා.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Broward ප්‍රාන්ත ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

පළමුව පන්දුව පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 181 ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ලකුණු 182 ක අභියෝගයක් එල්ල කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක වනිදු හසරංග පන්දු 15 කින් වේගවත් ලකුණු 43 ක් ලබා ගත්තා.

Newswire වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා –

Batting

  • Pathum Nissanka 05 (03)
  • Kusal Mendis 04 (09)
  • Kamindu Mendis 05 (08)
  • Dhananjaya De Silva 31 (22)
  • Charith Asalanka 12 (06)
  • Angelo Mathews 15 (17)
  • Wanindu Hasaranga 43 (15)
  • Dasun Shanaka 35* (20)
  • Dunith Wellalage 07 (11)

Bowling

  • Nuwan Thushara 4-0-48-1
  • Dilshan Madushanka 4-0-39-2
  • Dunith Wellalage 4-0-26-1
  • Angelo Mathews 2-0-20-1
  • Dasun Shanaka 2-0-12-0
  • Charith Asalanka 1-0-5-0
  • Dhananjaya De Silva 1-0-16-0
  • Kamindu Mendis 2-0-15-0

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව එළඹෙන 31 වැනිදා ෆ්ලොරිඩා හී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...