T20 World Cup : පුහුණු තරගවලදී ඔස්ට්‍රේලියාව ක්‍රීඩකයින් 9 දෙනෙකුගෙන් තරග බිමට

Date:

ජූනි පළමු වැනිදා ආරම්භ වන 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග සදහා ප්‍රමාණවත් ක්‍රීඩකයින් පිරිසක් නොමැතිව ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුව තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග වෙනුවෙන් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට දින කිහිපයක විවේකයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ක්‍රීඩකයින් 9 දෙනෙකු සහිතව පුහුණු තරග ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

පුහුණු තරග යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම නැමීබියාවට එරෙහිව හෙට(28) දිනයේ දී ද, සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එළඹෙන 30 වැනිදා ද තරග වැදීමට නියමිතයි.

පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ් හා මිචෙල් ස්ටක් ඊයේ(26) පැවැති අයි.පී.එල් අවසන් මහා තරගයට ක්‍රීඩා කළ අතර, අනතුරුව ඔවුන් තිදෙනා දින කිහිපයක කෙටි විවේකයක් ලබා ගැනීමේ අරමුණින් යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනවා.

අවසන් වටයට සුදුසුකම් ලැබූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කළ කැමරන් ග්‍රීන් හා ග්ලේන් මැක්ස්වෙල් ද මේ වන විට යළි සියරට බලා පිටත්ව ගොස් සිටින්නේ කෙටි විවේකයක් ලබා ගැනීමේ අරමුණින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය යටතේ ජූනි 5 වැනිදා ඕමානයට එරෙහිව සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඊට පෙර බාර්බඩෝස් හී දී අදාළ ක්‍රීඩකයින් 5 දෙනා ඔස්‍ට්‍රේලියානු සංචිතය සමග එක්වීමට නියමිතයි. මර්කස් ස්ටොයිනිස් ද මෙතෙක් කැරිබියන් දූපත් වෙත ළගා වී නැහැ.

ඒ අනුව පුහුණු තරගවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පුහුණු කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් ද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම තරගාවලිය වෙනුවෙන් පුහුණු කාර්යය මණ්ඩලය සදහා Brad Hodge එක්ව ඇති අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස Andrew McDonald සංචිතය සමග රැදී සිටිනවා. තේරීම් කමිටු නිළධාරී George Bailey මෙන්ම සහාය පුහුණුකරු Andre Borovec ද සංචිතය සමග රැදී සිටින බව සදහන්.

මේ අතර, පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ නායක මිචෙල් මාෂ් ද පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, ඔහු පන්දු යැවීමට මෙතෙක් සූදානම් නොමැති බව ද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...