බට්ලර්ගේ 84 හා දින 385 කට පසු ආචර් දැක් වූ දක්ෂතා එංගලන්තයට ජය ගෙනෙයි

Date:

නායක ජොස් බට්ලර්ගේ ලකුණු 84 හා ජොෆ්ර ආචර් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර, ඒ අනුව මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 4කින් යුත් විස්සයි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ එංගලන්තයයි.

බර්මිංහැම්හි පැවැති තරගයේ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 183 ක් ලබා ගත් අතර, පාකිස්තාන කණ්ඩායමට සිය පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

ෆකාර් සමාන් පන්දු 21 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුණු 32(26) කට දැවී ගියා. ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 23 ක් ද, ඉමාඩ් වසීම් ලකුණු 22 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මොයීන් අලී ලකුණු 26 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

ජොෆ්ර ආචර් ලකුණු 28 කට කඩුලු දෙකක් දවා ගත්තා. ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ ආචර් මෙලෙස එංගලන්තයේ දී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ වසර 4කට පමණ පසුව වීම විශේෂත්වයක්. එමෙන්ම ඔහු වෘත්තීය ක්‍රිකට් තරගයට එක් වුණේ ද දින 385 කින් අනතුරුවයි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු හා නායක ජොස් බට්ලර් පන්දු 51 කින් ලකුණු 84 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. විල් ජැක්ස් ලකුණු 37(23) යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉමාඩ් වසීම් හා හැරිස් රවුෆ් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...