මුස්ටර්ෆිසුර්ගේ කඩුලු 6 හා පළමු කඩුල්ලේ නොබිදුණු ශතක සම්බන්ධය බංග්ලාදේශයට ජය ගෙනෙයි

Date:

මුස්ටර්ෆිසුර් රහ්මාන් සිය විස්සයි 20 ජාත්‍යන්තර දිවියේ දී වාර්තා කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය මෙන්ම ටන්සිඩ් හසාන් හා සෞම්‍ය සාකාර් පළමු කඩුල්ලට ගොඩ නැගූ නොබිදුණු ශතක සම්බන්ධතාවය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සැනසුම්දායක ජයග්‍රහනයකින් අවසන් කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තෙවැනි විස්සයි 20 තරගයෙන් ඇමෙරිකාව කඩුලු 10 ක පරාජයක් ලැබුවද ඔවුන් විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තා.

Houston හි Prairie View Cricket Complex හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 104 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 11.4 ක් පමණක් වැය කරමින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටන්සිඩ් හසාන් පන්දු 42 කින් නොදැවී ලකුණු 58 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. සෞම්‍ය සාකාර් නොදැවී ලකුණු 43 යි. පන්දු 28 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකා ඉනිම අඩපන කළ මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු හයක් දවා ගත්තේ ලකුණු 10 ක් පමණක් ලබා දෙමින්. ඔහු යොමු කළ පන්දුවාර 4 තුළ දී එක් නිලකුණු පන්දුවාරයක් ද සටහන් වුණා.

ඇමෙරිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 27 ක් රැස් කළ Andries Gous. Shayan Jahangir හා කොරේ ඇන්ඩර්සන් ලකුණු 18 බැගින් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...