දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම LPL තරගාවලියෙන් ඉවතට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම කණ්ඩායමේ හිමිකරු Tamim Rahman අද(22) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසුවයි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

LPL තරගාවලියට අදාළ දූෂණ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතිකයෙකු බවත්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තා වුණා.

LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී කොළඹ දී පැවැති පසුබිමකයි දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙලෙස අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම වෙන්දේසියේ දී ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා සෙසු කණ්ඩායම් හා සැසදීමේ දී අවම මුදලක් වැය කර තිබුණේ දඹුල්ල කණ්ඩායමයි.

බී ලව් කැන්ඩි කණ්ඩායම ඩොලර් 499,000 ක් ද, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඩොලර් 490,000 ක් ද, කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඩොලර් 500,000 ක්, ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඩොලර් 496,000 ක් ද වෙන්දේසියේ දී වියදම් කර තිබුණා.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම ඩොලර් 450,000 ක් පමණක් වියදම් කළ අතර, ඒ අනුව ඔවුන්ට තවත් ඩොලර් 50,000 ක මුදලක් වියදම් කිරීම සදහා ඉතිරිවී පැවතුණා.

වෙන්දේසියට පෙරම ඩිල්ෂාන් මදුෂංක හා නුවන් තුෂාර වැනි ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වී සිටි දඹුල්ල පිල මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් සමග ද ගිවිසුම්ගත වී සිටියා.

වෙන්දේසියේ දී ඔවුන් ඉහළම මිලකට මිලදී ගත්තේ ඇෆ්ඝනිස්තානයේ කරීම් ජනත්. ඒ, ඇමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකටයි.

ඇෆ්ඝනිස්තානයේ හස්රතුල්ලාහ් සසායි, පාකිස්තානයේ ඉෆ්ටිකාර් අහ්මඩ්, හෙයිදර් අලී මෙන්ම ශ්‍රී ලංකාවේ අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිදු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයින් ද දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම විසින් වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...