අත්අඩංගුවට ගත් දඹුල්ල තන්ඩර්ස් හිමිකරු බන්ධනාගාරයට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන Tamim Rahman නමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරග පාවාදීමට අදාළ චෝදනාවක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතිකයෙකු බවයි සදහන් වන්නේ.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී කොළඹ දී පැවැති පසුබිමකයි දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙලෙස අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...