සති දෙකකට පසු සමරවීර ප්‍රධාන පුහුණුකරු තනතුර අත් හරියි

Date:

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් සති දෙකකට පසුව එම ධූරයෙන් ඉවත් වීමට දුලිප් සමරවීර මහතා තීරණය කර තිබෙනවා.

පුහුණු කාර්යය මණ්ඩලයට ඔහුට අවශ්‍යව තිබූ පත් කිරීමක් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රතිපත්ති හේතුවෙන් සිදු කිරීමට නොහැකි වීම මත පදනම්ව ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස Melbourne Renegades කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකරු Andrew Christie පත් කර තිබෙනවා.

Jarrad Loughman පසුගිය නොවැම්බර් මාසයේ දී ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ සමරවීර මහතා වසර දෙකක ගිවිසුමක් යටතේයි මෙම මස මුලදී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගත්තේ.

දුලිප් සමරවීර 1993 හා 1994 වසරවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග හතක් හා එක්දින තරග පහක් ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...