ඩ්වේයන් බ්‍රාවෝට ඇෆ්ඝනිස්තානයෙන් තනතුරක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ජූනි පළමු වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා කොදෙව් දූපත් හීදී ආරම්භ වීමට නියමිත 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් වෙත පැමිණ ඇති අතර, එහිදී ඔවුන් දින 10 ක පුහුණු කදවුරක් පැවැත්වීමට නියමිතයි. එම කදවුර අතරතුර දී බ්‍රාවෝ ඇෆ්ඝනිස්තාන සංචිතය සමග එක්වනු ඇති.

කොදෙව්වන් සමග දෙවරක් විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ඇති බ්‍රාවෝ 2021 වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ද ලොව පුරා ලීග් තරගාවලි රැසක ක්‍රීඩා කළ ඔහු මෙම වසරේ දී ILT20 තරගාවලියේ දී MI Emirates කණ්ඩායම ද නියෝජනය කළා.

මේ වන විට විස්සයි 20 තරග පිටියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද තරග 573 කදී කඩුලු 625 ක් දවා ගෙන ඇති ඩ්වේයන් බ්‍රාවෝ.

ඔහු මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

කොදෙව් හිටපු තවත් ක්‍රීඩකයෙකු වන කයිරන් පොලාඩ් ද එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති පසුබිමකයි බ්‍රෝවෝ මෙම තනතුරට පත් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...