ෆ්රේසර්-මැක්ගර්ක් රසිකයින්ට සුබ ආරංචියක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු රැගෙන යාමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවධානය ‌යොමු කර තිබෙනවා.

ඒ අනුව ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් හා මැතිව් ශෝර්ට් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට 16 වැනි හා 17 වැනි ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තරගාවලිය අතරතුර දී යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට ආදේශ කිරීම සදහා මෙලෙස අතිරේක ක්‍රීඩකයින් රැගෙන යාම සිදු කරනවා.

මීට පෙර තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි සදහන් කර සිටියේ ඔවුන් එක් අතිරේක ක්‍රීඩකයෙකු පමණක් තරගාවලිය වෙනුවෙන් රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කිරීමටයි මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...