LPL වෙන්දේසිය හෙට – විකාශන තොරතුරු ඇතුළු සියලු විස්තරේ මෙන්න

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පැවැත්වෙනවා. කොළඹ හිල්ටන් හෝටලයේ දී දහවල් 12 ට වෙන්දේසිය ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

LPL තරගාවලියේ 5 වැනි අදියරට අදාළ මෙම ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.

වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිය සංචිතයේ රදවා ගැනීමට (පසුගිය වසරේ සිටි ක්‍රීඩකයින් අතරින්) හා ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීමට ද කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව ලබා දී තිබුණා. එම ක්‍රමවේද දෙක ඔස්සේම සංචිතයකට ලබා ගත හැකි උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව වූයේ හයක්.

ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් කෝටි 15ක් පමණ) මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගත හැකි අතර, වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීම සදහා ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වියදම් කළ හැකිව තිබුණා.

කෙසේ වෙතත්, වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීමට ලබා දී තිබූ මුදල් ඉතිරිව ඇත්නම්, එම මුදල් වෙන්දේසියේ දී යොදා ගැනීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

එමෙන්ම සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර ඇති ක්‍රීඩකයින්ගේ වටිනාකම, අදාළ කණ්ඩායමට වෙන්දේසියේ දී වියදම් කිරීමට හිමිව ඇති ඩොලර් ලක්ෂ පහෙන් අඩුවන අතර, වෙන්දේසියේ දී වියදම් කළ හැකි වන්නේ ඉතිරිවන මුදල් ප්‍රමාණයයි.

වෙන්දේසිය සදහා මූලික වට 18 ක් ඇතුළත් අතර, වෙන්දේසිකරු ලෙස මෙවරත් චාරු ෂර්මා කටයුතු කරනවා. ඔහු මේ වන විටත් මෙරටට පැමිණ සිටිනවා.

ක්‍රීඩක වෙන්දේසිය සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇති අතර, ඒ අනුව වෙන්දේසිය සජීවීව නැරඹිය හැකි වන්නේ පහත සදහන් ක්‍රමවේද ඔස්සේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...