PSL තරගාවලියේ කණ්ඩායම් ගණන 8ක් දක්වා ඉහළට

Date:

2026 වසරේ සිට පාකිස්තාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලිය සදහා තවත් කණ්ඩායම් දෙකක් අලුතින් ඇතුළත් කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(17) තහවුරු කළා. ඒ අනුව එම වසරේ සිට PSL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන 8 ක් දක්වා ඉහළ යනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ 2025 PSL තරගාවලිය (10 වැනි PSL අදියර) කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අවසන් PSL තරගාවලිය බවයි.

නව කණ්ඩායම් දෙක නියෝජනය කරන්නේ කුමන නගර ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැහැ.

මේ අතර, 2025 වසරේ පෙබරවාරි මාසයේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් ලබන වසරේ දී PSL තරගාවලිය අප්‍රේල් 7 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා පැවැත්වීමට ද මේ වන විට සැලසුම් කර තිබෙනවා.

එසේ වුවහොත් එය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමග සෘජුවම ඝට්ටනයකට ලක්වනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ PSL තරගාවලිය පෙබරවාරි – මාර්තු මාසවල නොපවත්වා ලබන වසරේ සිට අඛණ්ඩව අප්‍රේල් – මැයි මාසවලදී ම පැවැත්වීමටයි.

දෙසැම්බර් – පෙබරවාරි මාසවලදී විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක් පැවැත්වීමත්, ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමත් පදනම් කර ගනිමින් එම කාලයෙන් PSL තරගාවලිය ඉවත් කිරීම සුදුසු බවට මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ මතය වී තිබෙනවා.

අප්‍රේල්-මැයි මාසවලදී ජාත්‍යන්තර තරගාවලි ද ඉතා අවම බැවින් PSL තරගාවලිය එම කාලයේ දී පැවැත්වුවහොත් එය IPL තරගාවලිය සමග පමණක් ඝට්ටනයකට ලක්වනු ඇති.

මේ අතර, පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග (play-offs) එංගලන්තයේ දී පැවැත්වීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...