ගම්භීර්ට ඉන්දීය ක්‍රිකට් පිලේ වගකීම භාර දීමට BCCI අවධානය

Date:

ඉන්දීය හිටපු පිතිකරුවෙකු වන ගෞතම් ගම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරු ලෙස බදවා ගැනීම සදහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගැනීම සදහා ඇති කැමැත්ක පිළිබද විමසා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහු සමග සාකච්ඡාවක් ද සිදු කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ගම්භීර් මේ වන විට අයි.පී.එල් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය යටතේ කොල්කටා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා සිදු කරනු ඇති.

නමුත්, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට අයදුම් කිරීම සදහා ලබා දී ඇති අවසන් දිනය වන්නේ මැයි 27 වැනිදායි. එනම් අයි.පී.එල් තරගාවලියේ අවසන් තරගය පවත්වා දිනකට පසුවයි.

වත්මන් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධූර කාලය එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතව ඇති අතර, ඔහු යළිත් වරක් එම ධූරය භාර ගැනීමට අදහස් නොකරන බව දැනුම් දී ඇති බව සදහන්.

ඩ්‍රාවිඩ් සිය වසර දෙකක පුහුණුකරු ධූර කාලය 2021 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව භාර ගත් අතර, 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ලබන මාසයේ දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා එම ධූරයේ කටයුතු කිරීමට පසුව ඔහු එකගතාවයකට එළඹුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...