Watch : පිට පිට කඩුලු දෙකක් සමග තුෂාර දවා ගත් කඩුලු 3 මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(17) සමත් වුණා.

වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ලක්නව් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.

මුම්බායි වෙනුවෙන් හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ නුවන් තුෂාර සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමු පන්දුවාරයේ දී ම විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දෙව්දත් පඩික්කල් ලකුණු බින්දුවකට දවා ගැනීමට තුෂාර සමත් වුණා.

අනතුරුව සිය තෙවැනි පන්දුවාරයේ (ලක්නව් ඉනිමේ 17 වැනි පන්දුවාරය) 5 වැනි හා 6 වැනි පන්දුවලදී පිට පිට කඩුලු දෙකක් දවා ගැනීමට නුවන් තුෂාර සමත් වීම කැපී පෙනුණා.

මුම්බායි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ නිකලස් පූරාන් පන්දු 29 කින් ලකුණු 75 ක් ලබා ගත් අතර, ඔහු දැවී ගියේ නුවන් තුෂාර යොමු කළ අදාළ පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි. අනතුරුව යොමු කළ පන්දුවේ දී දැවී ගියේ අර්ෂාද් ඛාන්.

තුෂාර දවා ගත් කඩුලු තුනේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...