වනිදු හසරංග තුන් ඉරියව්වෙනුත් ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම අයි.සී.සී පන්දුවාර විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) නිවේදනය කළා.

ඊට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සම පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත්ව තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර මෙතෙක් පෙරමුණේ පසුවූ අතර, නිමා වූ සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව ශකිබ්ට හිමිව තිබූ ශ්‍රේණිගත ලකුණු 3ක් අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහුට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 228 ක් හිමිව ඇති අතර, මෙතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි වනිදු හසරංගට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව ද 228 ක්.

ඒ අනුවයි ඔවුන් දෙදෙනා සම පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ. ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 218 ක් හිමිකර ගනිමින්.

සිම්බාබ්වේහි සිකන්ඩ රාසා සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර, ඒඩ්න් මාක්‍රම් පස්වැනි ස්ථානය දක්වා ස්ථානයකින් පසුබැස තිබෙනවා.

වනිදු හසරංග මේ වන විට විස්සයි 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේත්, මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...