කොලින් මන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

නවසීලන්ත ක්‍රීඩක කොලින් මන්රෝ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඔහුව නම් නොකළ පසුබිමකයි ඔහු එම තීරණය ගෙන ඇත්තේ.

37 හැවිරිදි මන්රෝ ජාත්‍යන්තර විස්සයි 20 තරග 65ක්, එක්දින තරග 57 ක් හා එක් ටෙස්ට් තරගයක් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3,010 ක්.

කෙසේ වෙතත්. ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2020 වසරේ දී යි.

විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී ශතක 3ක් රැස් කර ඇති එකම නවසීලන්ත පිතිකරු වන්නේ කොලින් මන්රෝ.

ඔහු 2014 හා 2016 වසරවලදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතයට මෙන්ම 2019 වසරේ දී එක්දින ලෝක අනුශූරතාවය දිනූ නවසීලන්ත සංචිතයට ද ඇතුළත්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...