පංජාබ් කිංග්ස් IPL තරගාවලියෙන් ඉවතට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමට මේ වන විට සිදුව තිබෙනවා.

ඒ, ඊයේ (9) රාත්‍රියේ පැවැති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හමුවේ ලකුණු 60 ක පරාජයක් ලැබීමත් සමගයි.

ඒ අනුව මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, සෙසු කණ්ඩායම් අටටම තවදුරටත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව පවතිනවා.

ඊයේ ධරම්සාලාහී දී පැවැති තරගාවලියේ 58 වැනි තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිලට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 181 ක් පමණයි.

විරාත් කෝලි පන්දු 47 කින් ලකුණු 92 ක් ලබා ගනිමින් බැංගලූරු ඉනිම ශක්තිමත් කළ අතර, පංජාබ් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 27 කින් ලකුණු 61 ක් රැස් කළ රයිලී රොසෝව්.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...