වියස්කාන්ත්ගේ මංගල IPL තරගයේ දී සන්රයිසස් පිල පන්දුවාර 9.4 ක් තුළ 166 ක් හඹා යයි

Date:

ට්‍රැවිස් හෙඩ්ගේ හා අභිෂේක් ෂර්මාගේ ඇදහිය නොහැකි විශිෂ්ඨ හා වේගවත් පිතිහරඹය හමුවේ, ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ට අයි.පී.එල් වරම් හිමි කර දෙමින් අවසන් වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු 10 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(8) සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් පිල පන්දුවාර 9.4 ක් පමණක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සන්රයිසස් හයිදරාබාද් ඉනිම ආරම්භ කළ ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ෂර්මා පළමු පන්දුවාරයේ සිටම පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් සිය කණ්ඩායම විශිෂ්ඨ ජයක් කරා රැගෙන ගියා.

හෙඩ් පන්දු 30 කින් හයේ පහර 8 ක් හා හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් ලබා ගත් අතර, අභිෂේක් පන්දු 28 ක් පමණක් වැය කරමින් හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් සමග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 75 ක්.

සන්රයිසස් කණ්ඩායම පවර්ප්ලේ අවස්ථාව අවසන් කළේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් ඉනිමේ දැවී ගිය කඩුලු 4 ලකුණු 66 ක් තුළ බිද වැටුණා. ඔවුන් පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ලබා සිටියේ කඩුලු දෙකක් දැවී ලකුණු 27 ක් පමණයි.

සිව්වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 99 (52) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නිකලස් පූරාන් හා අයුෂ් බදෝනි සමත් වුණා.

පූරාන් පන්දු 26 කින් නොදැවී ලකුණු 48 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 6ක් සමගින්. හතරේ පහර 9ක් සමග බදෝනි පන්දු 30 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55 ක්.

පන්දු යැවීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 27 ක් පමණයි. බුවනේෂ්වර් කුමාර් ලකුණු 12 කට කඩුලු දෙකක් දවා ගත්තා.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ද සිදු වුණා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...