තහනම් වූ සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනාට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට අවසර

Date:

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Wessly Madhevere ට හා Brandon Mavuta ට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට එරට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබී තිබෙනවා.

ඒ, ඔවුන් තහනම් මත්ද්‍රව්‍යක් (recreational drug) ලබා ගත් බවට සනාථ වීමෙන් අනතුරුව ඔවුන්ට පැනවුණු මාස හතරක තහනම් කාලය මේ වන විට අවසන්ව තිබීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනාගේ තහනම් කාලය අවසන් වීමෙන් පසුව ද මත්ද්‍රව්‍යක් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එම වෛද්‍ය වාර්තාවල කිසිදු ගැටලුවක් තිබී නොමැති බව සදහන්.

ක්‍රිකට් තහනමට අමතරව ජනවාරි මාසයේ සිට මාස තුනක කාලයක් සදහා ඔවුන්ගේ වැටුපට 50%ක දඩ මුදලක් පැනවීමට ද සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

ඔවුන්ගේ පුනරුත්තාපන ක්‍රියාවලියේ කොටසක් ලෙස Madhevere හට හා Mavuta හට සිම්බාබ්වේ ක්‍රිකට් ඉහළ කාර්යය සාධන වැඩසටහන යටතේ පුහුණුවීම් සිදු කිරීමට ද නියම කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...